Tuesday, December 4, 2018

සහල් නිෂ්පාධනය - බිම සකස් කිරීම (Floor/Earth Preparation)

බිම සකස් කිරීම.

වී වගාවේදී බිම සකස් කිරීමට ඉතා වැදගත් තැනක් හිමිවේ. නිවැරදි බිම් සකස් කිරීමක් මගින් පසට අවශ්‍ය පෝෂක කොටස් නිවැරදිව ලබා දීම, වල් පැළෑටි පාලනය සහ ගොයම්/වී සිටවිමවට පහසුවක් සැලසේ.

බිම සකස් කිරීම සළු වශයෙන් බිම කෙටිම/හෑම සිට සම්පුර්ණයෙන් පස පෙරළා මඩ කිරීම දක්වා සිදු කර හැකි අතර එය වගාව සිදු කරන පරිසරය අනුව වෙනස් වේ. එය පළමුව පස පෙරළීම, දෙවනුව පස කුඩා කොටස් වලට කඩා ගැනීම සහ අවසාන වශයෙන් මට්ටම් කර ගැනීම  යනුවෙන් කොටස් වලට බෙදා සිදු කල හැක.

සාමාන්‍ය වශයෙන් බිම සකස් කර ගැනීම සදහා සති 3-4 කාලයක් ගතවන අතර ,දැනට බහුලව සිදුවන පස සකස් කිරීමේ ක්‍රමය පහත සදහන් පරිදි වේ.

  • අවශ්‍ය පරිදි නියර සකස් කර ගැනීම.
  • වල් පැළෑටි මර්දනය කර ස්වාස්තතාවක් පවත්වා ගැනීම සදහා ග්ල්යිෆොසෙට් යෙදීම.
  • ග්ල්යිෆොසෙට් යොදා දින 2-3 ක් ජලය සැපයීම.
  • ජලය බැද දවස් 3-7ක් කාලයක් තිබෙන්නට ඉඩ හැරීම (සෙන්ටිමීටර 2-3ක් උසට ජලය බැදීම සිදු කරයි.)
  • යන්ත්‍ර අදාරයෙන් හෝ නගුලෙන් හෑම .
  • ජලයෙන් යටකර දින 14ක් පමණ තිබෙන්නට හැරීම.


මේ ආකාරයට සකස් වූ බිම අවශ්‍යනම් වල් පැළෑටි තත්වය අනුව නැවත පස පෙරළීම සිදු කල හැකි අතර අවසානයේ මඩ සහිත පස ලෙවල් කිරීමෙන් වී වගාවට සිදුසු පරිදි සකස් කරගත හැක.

Archived Posts