Wednesday, May 19, 2021

ISO 22000 සහ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනය (OSHA)

 

ISO 22000

ලොව පුරා ආහාර නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට හානිකර නොවන බවට වග බලා ගැනීමේ වගකීමක් ඇත. අනාරක්ෂිත ආහාර බරපතල හා මාරාන්තික ගැටළු ඇති කළ හැකිය. මේ සඳහා ඔවුන්ට උපකාර කිරීම සඳහා, ISO 22000 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් වැඩි දියුණු කරන ලදී.

ISO 22000 මගින් ආහාර නිෂ්පාදකයින්ට ආහාර සුරක්ෂිතතාව පාලනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන මහජන පරිභෝජනය සඳහා ආරක්ෂිත බව සහතික කිරීමට උපකාරී වේ. ඊට අමතරව නිෂ්පාදන විදේශ රටවලට විකිණීමේදී, ඔවුන්ට විශ්වාස කළ හැකි ආහාර ඔවුන් වෙත ගෙන ඒමට උපකාරී වේ. ගොවිපල සිට ආහාර මේසය දක්වා ආහාර දාමයේ ඕනෑම ආයතනයකට  ISO 22000 අදාළ වේ.

ISO 22000 ලබා ගැනීම සදහා, සරල වචන වලින් කිවහොත්, ඔබේ ආයතනය මගින් නිපදවන ආහාර ආරක්ෂිතව නිපදවීම හා භාවිතා කිරීමට වග බලා ගැනීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය. මේ සදහා පහත සඳහන් විධිමත් මාර්ගෝපදේශ අනුගමනය කළ හැකිය. 

  • සඳහා ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියක් (Food Safety Policy) සකස් කිරීම. ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය සැකසීම සඳහා ඔබට නෙස්ලේ සහ කොකාකෝලා වැනි පිළිගත් සමාගම් කිහිපයක ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති අධ්‍යනය කළ හැකිය.
  • ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියට අනුකූල වන ලෙස සමාගම් අරමුණු සකස් කරගත යුතුය.
  • සුදුසුකම් ලත් පුද්ගලයින් කණ්ඩායමක් ආහාර සුරක්ෂිතතා කණ්ඩායමක් (Food Safety Team) ලෙස පත් කරන්න.
  • බාහිර සහ අභ්‍යන්තර සන්නිවේදනය ඵලදායී සන්නිවේදනයක් බවට සහතික කිරීම සඳහා සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම.
  • ආයතනය සඳහා හදිසි සැලැස්මක් (Emergency Plan) තබා ගන්න.
  • ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් (FSMS) සංවර්ධනය කිරීම සහ සියලු ක්‍රියාකාරකම් වාර්තා කිරීම.
  • ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කෙරෙන කළමනාකරණ සමාලෝචන රැස්වීම් පවත්වන්න.
  • ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියේ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් හා යාවත්කාලීන සම්පත් සැපයීම. පුහුණුව ලත් හා සුදුසුකම් ලත් පිරිස්, ප්‍රමාණවත් යටිතල පහසුකම්, මෙවලම් සහ ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා ප්‍රශස්ත සේවා පරිසරයක් මෙයට ඇතුළත් ය.
  • HACCP මූලධර්ම අනුගමනය කරන්න.
  • නිෂ්පාදිතය හඳුනා ගැනීම සඳහා හඳුනාගත හැකි පද්ධතියක් සකසන්න. ඔබට මේ සඳහා කණ්ඩායම් අංක (Batch Numbers), බාර් කේත (Bar code) හෝ වෙනත් අනුක්‍රමික අංකයක් භාවිතා කළ හැකිය.
  • වැරදි හදුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාකාරී පද්ධතියක් සැකසීම සහ ප්‍රමිතියට අනුකූල නොවන නිෂ්පාදන පාලනය කිරීම.
  • නිෂ්පාදන ආපසු ගැනීම, හැසිරවීම සඳහා ලේඛනගත ක්‍රියා පටිපාටියක් පවත්වා ගන්න.
  • අදාළ සහතික කිරීම් සමඟ මිනුම් උපකරණ හොඳ තත්ත්වයේ පවත්වා ගන්න.
  • අභ්‍යන්තර විගණන වැඩසටහනක් පැවැත්වීම.
  • ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ වැඩිදියුණු කිරීම.

ඉහත සඳහන් කළ පරිදි ISO 22000 සදහා ලේඛනගත ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් අවශ්‍ය වේ. මෙම ක්‍රමය පහත සඳහන් කරුණු කරුණුවලට අදාලව සකසා ගත යුතුය.

  • පිරිසිදු සනීපාරක්ෂක පරිසරයක් සහතික කරන ඵලදයී පෙර වැඩසටහන් පැවැත්වීම.
  • ආහාර සුරක්ෂිතතා උපද්‍රව හඳුනා ගැනීම, සහ එම උපද්‍රව වැළැක්වීම සහ තුරන් කිරීම සඳහා උපද්‍රව විශ්ලේෂණය සහ පාලන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  • සංආයතනය පුරා ආහාර සුරක්ෂිතතාව කළමනාකරණය කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ලේඛනගත කිරීම.

ශ්‍රී ලංකාවේ ISO 22000 සහතික නිකුත් කරන ආයතන සහ ඒ සදහා උපදේශකත්වය ලබා දෙන ආයතන කිහිපයක් පහත දැක්වේ.

ISO 22000 හා සම්බන්ධ තවත් අතිරේක ආහාර සුරක්ෂිතතා කළමනාකරණ ප්‍රමිතීන් ISO විසින් සංවර්ධනය කරනු ලැබේ. මෙම ප්‍රමිතීන් සාමූහිකව ISO 22000 පවුලේ ප්‍රමිති ලෙස හැඳින්වේ. වර්තමානයේ, මෙම ප්‍රමිති පවුල පහත සඳහන් ප්‍රමිතීන්ගෙන් සමන්විත වේ:

  • ISO 22000 - ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති. Food Safety Management Systems.
  • ISO 22001 - ආහාර හා පාන කර්මාන්තය සඳහා  ISO 9001: 2000 යෙදීම පිළිබඳ මාර්ගෝපදේශ. Guidelines on the Application of ISO 9001:2000 for the Food and Drink Industry.
  • ISO / TS 22002- ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පූර්වාවශ්‍ය වැඩසටහන්. Prerequisite programmes on food safety.
  • ISO TS 22003 - ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති විගණනය හා සහතික කිරීම සපයන ආයතන සඳහා මාර්ගෝපදේශ. Guidelines for bodies providing audit and certification of food safety management systems.
  • ISO TS 22004 - ISO 22000: 2005 අයදුම් කිරීමට මාර්ගෝපදේශය. Guideline to application of ISO 22000:2005.
  • ISO 22005 - ආහාර විකුණුමෙන් පසු සොයාගැනීම සදහා මාර්ගෝපදේශ. Guidelines for traceability in the feed and food chain.
  • ISO 22006 - තත්ත්ව කළමනාකරණ පද්ධති. Quality management systems.


වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනය OSHA

OSHA යනු ඕනෑම ආයතනයකට ලබා ගැනීම සඳහා වැදගත් මෙන්ම තරමක් පහසු සහතිකයකි. වෘත්තීය සුරක්‍ෂිතතා සහ සෞඛ්‍ය පරිපාලනය (OSHA) තම සේවකයින් වැඩ ආශ්‍රිත උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ නිකුත් කරයි. එබැවින් OSHA හි රාජකාරිය වන්නේ සේවකයින් ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක වැඩ කරන බව සහතික කිරීමයි. විවිධ කර්මාන්ත සඳහා විවිධ OSHA ප්‍රමිතීන් ඇත, උදාහරණයක් ලෙස

  • ඉදිකිරීම් කටයුතු සඳහා OSHA ප්‍රමිතීන්.
  • සමුද්‍රීය මෙහෙයුම් සඳහා OSHA ප්‍රමිතීන්.
  • සාමාන්‍ය කර්මාන්තය සඳහා OSHA ප්‍රමිතීන් (එය බොහෝ වැඩබිම් වලට අදාළ වේ)

පොදුවේ ගත් කල, මෙම සියලු ප්‍රමිතීන් ආයතනය තුළ ආරක්ෂිත පිළිවෙත් ස්ථාපිත කිරීම සඳහා යොමු වන අතර එමඟින් අවසානයේ සේවකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය ඉහළ යනු ඇත. ඔබේ සංවිධානයේ පහත සඳහන් පොදු කොන්දේසි ඔබ අනුගමනය කරන්නේ නම්, ඔබේ සංවිධානය සඳහා OSHA සහතිකය ලබා ගැනීම දුෂ්කර නොවනු ඇත.

  • වැටීම් වලින් ආරක්ෂා කිරීම. මේ සදහා සියලු අගල් ආවරණය කිරීම, අනතුරු ඇඟවීමේ පුවරු ප්‍රදර්ශනය කළ හැකිය.
  • බෝවන රෝග වළක්වන්න.
  • ඇස්බැස්ටෝස් හෝ එවැනි හානිකර රසායනික ද්‍රව්‍යවලට අනාරක්ෂිත ලෙස නිරාවරණය වීම වළක්වන්න. අදාළ පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සැපයීම.
  • භයානක යන්ත්‍ර, විශේෂයෙන් චලනය වන යන්ත්‍ර මගින් අනතුරු අවම කිරීමට ආරක්‍ෂිත වැස්මක් යොදවන්න.
  • ඉහළ අවදානම් වැඩ කරන සේවකයින් සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම.
  • හදිසි අනතුරු වාර්තා පොතක් තබාගෙන පෙර සිදු වූ සියලු අනතුරු සහ නැවත ඇතිවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග යාවත්කාලීන කරන්න.
  • පිරිසිදු වැසිකිළි හා නාන කාමර වැනි සනීපාරක්ෂක පහසුකම් සැපයීම.

ඉහත සඳහන් සියලුම සාමාන්‍ය OSHA මාර්ගෝපදේශයන්ට අනුව ඔබට ආයතන පරිසරය සැකසිය හැකි නම්, ඔබ OSHA සහතිකය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. මෙම ප්‍රමිතීන් නිරන්තරයෙන් යාවත්කාලීන වේ. වර්තමාන OSHA ප්‍රමිතීන් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.


Wednesday, February 24, 2021

GAP සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය

GAP සහතිකය

ගෝලීය G.A.P. සහතිකය ලොව පුරා කෘෂිකාර්මික නිෂ්පාදන සහතික කිරීම සඳහා ස්වේච්ඡා ප්‍රමිතීන් වර්ධනය කර ස්ථාපිත කරන පුද්ගලික අංශයේ සංවිධානයක් මගින් නිකුත් කරනු ලැබේ.. ඔවුන්ගේ මෙහෙවර වන්නේ කෘෂිකාර්මික කටයුතු සදහා ප්‍රමිති මාලාවක් ස්ථාපිත කිරීමයි. ඒවානම්. 

  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා පහසුකම් සැපයීම.
  • ගොවිතැන් කටයුතුවලින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම.
  • රසායනික භාවිතය අවම කිරීමට අරමුණු කර ගැනීම.
  • කෘෂිකාර්මික කම්කරුවන්ගේ මෙන්ම සතුන්ගේද ආරක්ෂාව සහතික කිරීම.
  • ක්ෂුද්‍රජීවී ජීවීන් විසින් ආහාර දූෂණය වීමේ අවදානම අවම කිරීම සඳහා එළවළු සහ පලතුරු නිෂ්පාදනය කිරීම, ඇසුරුම් කිරීම, හැසිරවීම සහ හැකි තරම් ආරක්ෂිතව ගබඩා කිරීම සහතික කිරීම.

යහපත් කෘෂිකාර්මික භාවිතයන් යනු ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න පලතුරු සහ එළවළු නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික පාරිසරික හා මෙහෙයුම් තත්වයන් ය. ඒවා ගොවීන් විසින් ඔවුන්ගේ ගොවිපල නිෂ්පාදනවල ක්ෂුද්‍රජීවී දූෂණය වීමේ අවදානම අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වේ.


යහපත් කෘෂිකාර්මික පිළිවෙත් මොනවාද?

  • දන්නා රෝග තත්වයේ සතුන් පමණක් මිලට ගැනීම සහ ගොවිපොළට ඔවුන් පාලනය කර හඳුන්වා දීම. මෙමගින් නොදන්නා රෝග කාරක විෂබිජයන් ගොවිපලට ඇතුළුවීම වළක්වාලයි.
  • ගොවිපල තුළ සහ ඉන් පිටත සතුන් ප්‍රවාහනය  කිරීමේදී රෝග වැළදීමට ඉඩ නොදෙන බවට වග බලා ගැනීම.
  • රසායන ද්‍රව්‍ය අදාල විෂය ප්‍රවිනයකුගේ උපදෙස් පරිදි භාවිතා කිරීම.
  • සතුන්ට ප්‍රතිකාර කිරීමේදී  පශු වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ඖෂධ පමණක් භාවිතා කිරීම.
  • සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම.
  • භාවිතා කරන ජලය හොඳ ආරක්ෂිත ප්‍රභවයකින් බව සහතික කිරීම.
  • අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහතික කිරීම.
  • ඇසුරුම් සහ ශීතකරණ හොඳින් නඩත්තු කර ඇති බවත්, දූෂණය විය හැකි අවස්ථාවක් නොවන බවත් සහතික කිරීම.


GAP සහතික කිරීම පියවර 5 න්

1. GLOBAL G.A.P. වෙබ් අඩවියෙන් ඔබගේ ගොවිපල හෝ නිෂ්පාදනය සඳහා වලංගු වන සම්මත ලේඛන සහ පිරික්සුම් ලැයිස්තු බාගත කරගත හැක. මේ සදහා එක් එක් ක්ෂේත්‍රය සදහා එක් එක් ප්‍රමිතීන් තිබුනද ඉහත සදහන් මුලික ප්‍රමිතීන් බොහෝ විට සැම ක්ෂේත්‍රයකටම පොදු වේ. 

2. ශ්‍රී ලංකාවේ GAP සහතික කිරීමේ සංවිධාන කිහිපයක් ඇත. ඔබට GLOBAL G.A.P වෙබ් අඩවිය මගින් සම්පූර්ණ ලැයිස්තුවක් සොයාගත හැකිය. ශ්‍රී ලංකාවේ ඒ සදහා අනුමත ප්‍රධාන ආයතන 2ක් ඇත. 

  • Control Union Certifications B.V. (Sri Lanka)
  • SGS Lanka (Pvt) Ltd.

ඉන් ඔබ වඩාත් කැමති එකක් තෝරන්න. පසුව ඔබ එම සමාගමේ ලියාපදිංචි වන්න, ඔබට GLOBAL G.A.P. අංකයක් ලැබෙනු ඇත (GGN).

3. ඉහත ඔබ ලබාගත් පිරික්සුම් ලැයිස්තුව හෝ ඔබගේ ආයතනය විසින් ඔබට ලබා දුන් ලැයිස්තුව භාවිතා කර ඔබ විසින්ම ස්වයං තක්සේරුවක් කර ඔබ අනුකූල නොවන සියලු ප්‍රමිතීන් නිවැරදි කරන්න. ඔබ විසින් තනිවම තක්සේරුව කිරීම අපහසුනම් ඒ සදහා ඔබටපහත සදහන් ආයතනවල හෝ  ප්‍රවිනයෙකුගේ උපදෙස් ලබා ගත හැක. ඔබ තෝරාගත් ආයතනය ඔබට ඒ සදහා උදවු කරනු ඇත. 

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - ව්‍යාප්ති හා පුහුණු අංශය - පේරාදෙණිය.
  • ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය 

4. සියලු ප්‍රමිතීන් නිමවූ පසු ඔබ ඉහත තෝරාගත් අයනතනය වෙත දැනුම් දී ඔවුන්ගේ පරීක්ෂණයට දින වෙන කරව ගන්න. එවිට ඔබ තෝරාගත් අනුමත සහතික කිරීමේ ආයතනය, සහ පරීක්ෂකයන්  විසින් පළමුව  ස්ථානයේ පරීක්ෂාව සිදු කරනු ඇත.

5. ඔබ සියලු ප්‍රමිතීන් සපුරා තිබේනම්, ඔබ සියලු සම්මත අවශ්‍යතා වලට අනුකූල වනවා නම්, ඔබට GLOBAL G.A.P. වසරක් සඳහා වලංගු සහතිකය ලැබෙනු ඇත.

 

Archived Posts