අව්වේ වියළීම
වසර ගණනාවක සිට මෙය අපගේ සමාජයේ සාමාන්‍ය
සිරිතයි. තවමත් අපේ නිවසේ බොහෝ විට අපි මෙම හිරු එළියෙන් වියළීමේ ක්‍රමය භාවිතා කර
දේවල් වියළීමට පුරුදුව සිටිමු. විශේෂයෙන් සමකයට ආසන්නව රටවල් අධික උණුසුම් හිරු එළිය
සහිත ස්ථානවල මෙම අහාර ද්‍රව්‍ය වියළීම ඉතා පලදායී වේ. සාපේක්ෂ
ආර්ද්‍රතාවය (පරිසරයේ තෙතමනය) අඩු අවම උෂ්ණත්වය 28 - 30 C සහිත ඕනෑම තැනක මෙම ක්‍රමය භාවිතයෙන් අහාර
ද්‍රව්‍ය වියලා ගත හැක. සාමාන්‍යයෙන් ආහාර හොඳින් වියළීමට දින කිහිපයක් ගත වේ. අපද්‍රවය
වැටීමෙන් හා සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා දැලක් සහිත තිරයක් මත තබා දෙවන තිරයකින්
ආවරණය කිරීමෙන් පහසුවෙන් වෙලා ගත හැක.
වාතයේ (සුළගේ) වියළීම
අව්වේ වියළීම මෙන්ම වාතය වියළීම ද ආහාර
විජලනය කිරීමේ සාමාන්‍ය සිරිතකි. ප්‍රධාන වෙනස වන්නේ වාතය වියළීම සාමාන්‍යයෙන් සෙවණෙහි
සිදු වීමයි. කොළ වර්ග සහ ඖෂධ පැළෑටි වැනි වියළීමට අඩු තාපයක් අවශ්‍ය ආහාර සඳහා මෙම
ක්‍රමය සුදුසු ය.
සූර්ය වියළීම (Solar Drying)
මෙම ක්‍රමය අව්වේ වියළීමේ ක්‍රමයේම වැඩිදියුණු
කරන ලද ක්‍රමයකි. වාතය සංසරණය කිරීම සඳහා හීටර් හෝ විදුලි පංකා නොමැති බැවින්
සූර්ය වියළීම විදුලිය භාවිතා නොකරන අතර උපකරණ සැකැස්ම සදහා මුලික පිරිවැයක් පමණක්
වියදම් වේ. සූර්ය වියළන යන්ත්‍රය එළිමහනේ
වැඩ කරන අතර අවශ්‍ය ප්‍රමාණය හා හැඩය අනුව
නිර්මාණය කළ හැකිය.
සුර්ය වියලීම සදහා උපකරණ සැකැස්ම |
උදුනේ (අවන්) වියළීම
60 C පමණ උෂ්ණත්වවලදී ආහාර සෙමින් වියළීමට ඔබේ නිවසේ අවන් භාවිතා කළ හැකිය. සාමාන්‍යයෙන් අවන් නිර්මාණය කර ඇත්තේ ඉහළ උෂ්ණත්ව යෙදීම් සඳහා ය. කෙසේ වෙතත් ඔබට ගෙදර ඉක්මනින් වියලූ ආහාර සදා ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කළ හැකිය. 60 C හෝ ඊට අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීමට වග බලා ගන්න. එසේ නොමැතිනම් වියළීම වෙනුවට ආහාර කර වී යනු ඇත.
විජලන යන්ත්‍රය (Food Dehydrator)
විජලන යන්ත්‍රය හෙවත් විජලනකය (Dehydrator) විජලනය කල ආහාරවල
වෙළඳපල දියුණුවත් සමඟ වාණිජ විජලනය සඳහා නිර්මාණය කරන ලද විශේෂිත වූ යන්ත්‍රයකි.
ඔබේ ආහාර ඉක්මනින් හා කාර්යක්ෂමව වියළීම සඳහා විදුලි පංකා සහ තාප ජනන උපකරණ වලින්
සමන්විතය. මෙම විජලන යන්ත්‍ර විදුලිය, ගෑස්, භූමිතෙල්,
දැව හෝ වෙනත් ක්‍රමයකින්
බල ගැන්විය හැකිය. අවශ්‍යතාවය අනුව තමන් කැමති ධාරිතාවකට නිෂ්පාදනය කරවා ගත හැකි
අතර ලංකාවේ මෙම යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතන කිහිපයක්ම ඇත. ව්‍යාපාරයක් ලෙස ආරම්භ
කරන කෙනෙකුට ඉතා ප්‍රයෝජනවත් වේ.
මයික්‍රෝවේව් උඳුනක විජලනය වීම
ඔබ විජලනය කළ ආහාර විශාල ප්‍රමාණයක් සෑදීමට අදහස් කරන්නේ නම්, විජලනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය පැය 5 සිට 14 දක්වා පවතින බැවින් වැඩි ඉඩකඩ ප්‍රමාණයක්
සහිත වාණිජ විජලනයක් සොයා ගැනීම සුදුසුය. නිසි ලෙස ඇසුරුම් කළ විජලනය කළ පලතුරු
අවුරුදු පහක් දක්වාත් එළවළු දහයක් දක්වාත් පැවතිය හැකිය. ඔබ වසරක් ඇතුළත මස් නොවන
ද්‍රව්‍ය පරිභෝජනය කිරීමට යන්නේ නම්, ඒවා වාතය ඉවත්
කරන ලද බැගවල බහා ශීතකරණය වල තබා ගන්න. දිගුකාලීන සංරක්ෂණය සඳහා, රික්ත ඇසුරුම් හොඳම ක්‍රමය වේ.
No comments:
Post a Comment