Monday, December 16, 2019

ඉඟුරු වගාව - 2

ඉඟුරු සඳහා පොහොර යෙදීම

ඉඟුරු අධික ඛනිජ / පොහොර ප්‍රමාණයක් පරිභෝජනය කරයි. ශාකයේ වර්ධනයත් සමඟ අවශ්‍ය වන පෝෂණ ප්‍රමාණය වෙනස් වේ. රයිසෝම මගින් ඉහළ නයිට්‍රජන් හා පොටෑසියම් ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නා අතර පොස්පරස් සහ මැග්නීසියම් ද සාමාන්‍ය ප්‍රමාණයක් අවශෝෂණය කරයි.

වැඩියෙන් රයිසෝම බෙදීම සඳහා නයිට්‍රජන් අවශ්‍ය වේ, එබැවින් පැළ සිටුවීමෙන් දින 120-135 ක් වන වර්ධනයේ ආරම්භක කාලය තුළ නයිට්‍රජන් අවශ්‍යතාවය ඉහළය. ඉඟුරු පැල සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට පොස්පරස් කිලෝග්‍රෑම් 40 ක් පරිභෝජනය කරයි. ඉඟුරු පැල සිටුවීමට පෙර පොස්පරස් පොහොර යෙදීම සැමවිටම ප්‍රායෝගිකව සිදු කරනු ලබයි.

රසායනික හා කාබනික පොහොර යන දෙකම ඉඟුරු සඳහා සුදුසු වන අතර සෞඛ්‍ය හිතකර අස්වැන්නක් ලබා ගැනීම සඳහා හැකි තරම් කාබනික පොහොර භාවිතා කිරීම වඩා හොඳය. ඔබ කාබනික පොහොර භාවිතා කරන්නේ නම්, හෙක්ටයාරයකට ටොන් 20-30 ක් ප්‍රමාණවත් වේ.

පසේ pH අගය 5 ට වඩා අඩු නම්, pH අගය පවත්වා ගැනීම සඳහා ඩොලමයිට් භාවිතා කිරීම සුදුසුය. මෙම අවස්ථාවේ දී සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 1-2 ක් ප්‍රමාණවත් වේ. ඩොලමයිට් යෙදීමේදී රසායනික පොහොර එකට මිශ්‍ර නොකිරීමට වග බලා ගන්න.

ඉඟුරු සඳහා හෙක්ටයාරයකට සාමාන්‍ය පොහොර කාලසටහන පහත දැක්වේ.
  •         සිටුවීමට පෙර - සුපිරි පොස්පේට් 100kg
  •         දින 45 කට පසු - පොටෑසියම් ක්ලෝරයිඩ් 40kg, යූරියා 80kg
  •         දින 90 කට පසු - පොටෑසියම් ක්ලෝරයිඩ් 40kg, යූරියා 80kg

කෙසේ උවත් පසේ සාරවත් බව මත සහ අනෙකුත් පාරිසරික සාදක මත මෙම කාලසටහන සහ පොහොර අවශ්‍යතාවය වෙනස් විය හැකිය.

පළිබෝධකයන්, කෘමීන් සහ ප්‍රතිකාර

වෙනත් වගාවන් හා සසඳන විට ඉඟුරු වල කෘමීන් හා රෝග තරමක් අඩුය. කෙසේ වෙතත් ශාක වලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි කෘමීන් ස්වල්පයක් ඇත. බොහෝ විට නිවසේ සාදාගත හැකි කාබනික කෘමිනාශක මගින් එම කෘමින් පාලනය සදහා සාර්ථක ප්‍රතිපල අත්කරගත හැක. කෙසේ උවද සාමාන්‍ය භාවිතා කරන ක්‍රම කිහිපයක්ද පහත දැක්වේ. 

කද විදින පණුවාගේ හානිය.


කද විදින පණුවාගේ හානිය ඇති විට කදෙන් මල ද්‍රව්‍ය පිටවිම
මෙමෙ කෘමින් ශාකයේ කඳෙහි ඇතුළත ජීවත්වන අතරතුර කඳ ආහාරයට ගැනීමෙන් ශාකය විනාශ කර දමයි. කද විදින පණුවාගේ හානිය ඇති විට කඳෙහි සිදුරු කිහිපයක් ඔබට දැක ගත හැකිය. පැලෑටි කුඩා වන විට වගාව ආරම්භයේදීම ශාක වලට පහර දීමට බොහෝ දුරට ඉඩ ඇත. 

බලපෑමට ලක් වූ ශාක හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා පුළුස්සා දැමීම සුදුසුය. 0.04% ඩිමෙතෝට් (Dimethoate) භාවිතය කද විදින පණුවාගේ හානිය පාලනය කිරීමට උපකාරී වේ.


කොරපොතු කෘමියාගේ හානිය

මෙම කෘමීන් වර්ධන කාලය තුළ මෙන්ම අස්වනු නෙලීමෙන් පසුවද පහර දෙයි. ඔවුන් නිශ්ශබ්දව රයිසෝම වලින් යුෂ උරා බොන අතර රයිසෝම හැකිලී ගොස් අඩු ගුණාත්මක නිෂ්පල අස්වැන්නක් ලබා ගනී.
කොරපොතු කෘමියාගේ ගැටළුව වළක්වා ගැනීම සඳහා, අස්වැන්න නෙළීමෙන් පසු ඉඟුරු රෝපණය කිරීමේදී හා ගබඩා කිරීමේදී රයිසෝම ඩිමෙතෝට් (Dimethoate) මිශ්‍රණයෙන් සේදිය හැකිය.

අස්වනු නෙලීම

වගාවෙන් මාස අටකට නමයකට පසු ඉඟුරු කොළ කහ පැහැයට හැරී ක්‍රමයෙන් වියළීමට පටන් ගනී. අස්වැන්න නෙළන කාලය තීරණය කිරීම සඳහා මෙය පැහැදිලි ඇඟවීමකි.

බොහෝ විට ඉඟුරු අතින් අස්වනු නෙලනු ලබන්නේ හුදෙක් ඉගුරු පදුරෙන් අතින් අල්ලා එසවිමෙනි. කෙසේ උවත් තද පොළවක් ඇති වගාවක පස බුරුල් කර ගැනීම සදහා යම් කිසි උපකරණයක් භාවිත කිරීමෙන් තුවාල නොවී රයිසෝම ගලවා ගැනීමට උපකාරී වේ.  අස්වනු නෙළන ලද ඉඟුරු කඳෙන් වෙන් කොට රයිසෝමවල ඇති මඩ ඉවත් කිරීම සඳහා දෙවරක් හෝ තුන් වරක් හොඳින් ජලයේ සෝදා හරිනු ලැබේ.
නෙළාගත් ඉගුරු රයිසෝම
අස්වැන්න නෙළන විට ජල ප්‍රමාණය 80% ක් පමණ වන අතර ජල අන්තර්ගතය 15% ක් පමණ වන තෙක් ඒවා වියළීම වැදගත් වේ. එසේ නොමැතිනම් ඉඟුරු දිලීර හා වෙනත් රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. සාමාන්‍ය හිරු එළිය යටතේ ඔබට ඒවා සතියක් වියළීමට ඉඩ දිය හැකිය. සාමාන්‍යයෙන් හෙක්ටයාරයක අස්වැන්න ප්‍රමාණය ටොන් 20-25 කි.



ගෝලීය වෙළඳපල මිල සහ ලාභදායීතාවය

ලෝකයේ ඉහළම ඉඟුරු අපනයනකරුවා චීනය වන අතර ජපානය ඉඟුරු ආනයනය කරන්නන් අතර ලෝකයේ ඉහළින්ම සිටී. සාමාන්‍යයෙන්, ශ්‍රමය සදහා යන වියදම ඇතුළුව හෙක්ටයාරයක ඉඩමක ඉඟුරු ඉඟුරු වගා කිරීම සඳහා රුපියල්  450,000 575,000 ක් පමණ වැය වේ.

ලෝක වෙළද පොලේ ඉඟුරු රයිසෝම මිල කිලෝග්‍රෑමයකට ඇමරිකානු ඩොලර් 0.5 ත් 2 ත්, එනම් රුපියල් 90 – 360 අතර  වෙනස් වේ. හෙක්ටයාරයකට අස්වැන්න ටොන් 20 ක් යැයි උපකල්පනය කිරීමෙන් ඔබට වසරකට එක් හෙක්ටයාරයකින් ඇමරිකානු ඩොලර් 20,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35ක් උපයා ගත හැකිය. මුළු ලාභය රුපියල් ලක්ෂ 25කට වඩා වැඩිය.

එය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඉඟුරු වගාව වැඩි ලාභයක් ලබා ගැනීමට ඉතා හොඳ වාණිජ ව්‍යාපාරයක් බවයි. සාර්ථකව වගා කිරීමෙන් ඉතා ඉහල ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව පවතී. 

No comments:

Post a Comment

Archived Posts