කෝමාරිකා අස්වනු නෙලීම
පළමු අස්වැන්න
සඳහා මාස හයත් අටත් අතර කාලයක් ගත විය හැකි අතර ඉන් පසු මාස දෙකකින් නියමිත
වේලාවට ශාක අස්වැන්න නෙළා ගත හැකිය. අස්වැන්න ලැබිය යුත්තේ මේරූ අතු / පිති පමණි.
නිරෝගී මේරූ පඳුරකින් ඔබට පිති 4 සිට 6 දක්වා
අස්වැන්නක් ලබා ගත හැකිය. අස්වැන්න ලෙස කෝමාරිකා පිති නෙළන විට,
මව් ශාකයට හානියක් නොවන පරිදි අවශ්‍ය නම් පිහියක් හෝ
වෙනත් සුදුසු මෙවලමක් භාවිතයෙන් පිති ඉවත් කළ යුතුය.
සාමාන්‍යයෙන්
වාර්ෂිකව අක්කරයකට කිලෝග්‍රෑම් 5,000 ක් හෝ ඊට
වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. අපනයන අරමුණු සඳහා හෝ ආහාරමය අරමුණු සඳහා නිෂ්පාදනය
කරන්නේ නම් රසායනික පොහොර භාවිතා නොකළ යුතු බව මතක තබා ගත යුතුය.
වැඩුනු කෝමාරිකා පැලයකින් පිති 4ක් 5ක් අස්වැන්නක් නෙලා ගත හැක. |
කෝමාරිකා වල භාවිතය
කෝමාරිකා
විශේෂයෙන් සෞඛ්‍ය හා රූපලාවණ්‍ය අංශයේ බොහෝ නිෂ්පාදනයන් කිරීමට යොදා ගනී. ඔවුන්ගේ
නිෂ්පාදනය සඳහා කෝමාරිකා පිති තුළ ගබඩා වී ඇති කෝමාරිකා ජෙල් භාවිතා කරන අතර සමහරු
රූපලාවණ්‍ය නිෂ්පාදනයක් ලෙස අමු කෝමාරිකා ජෙල් අලෙවි කරති.
කෝමාරිකා පිති තුල ඇති ජෙල්.
කෝමාරිකා පිති තුල ඇති ජෙල්.
කෝමාරිකා ජෙල්
වෙළඳපොලේ ඇති ප්‍රධාන ප්රවණතා නිෂ්පාදන
සමහරක්;
- කෝමාරිකා බීම
- කෝමාරිකා මුහුණු ආලේපන ක්‍රීම්
- කෝමාරිකා ජෙල්
- කෝමාරිකා මොයිස්චරයිසින් ක්‍රීම්
ගෝලීය වෙළඳපොළ
සහ ලාභ
පළමු ලිපියේ
සඳහන් කළ පරිදි කෝමාරිකා සඳහා විශාල ගෝලීය වෙළඳපොළක් ඇත, නමුත් ඕනෑම ව්‍යාපාරයක්
හඳුන්වා දුන් විට විශාල ලාබයක් තිබුනද, නව සැපයුම්කරුවන් ව්‍යාපාරයට පැමිණෙන විට
ලාභය ක්‍රමයෙන් පහත වැටෙනු ඇත. කෙසේ වෙතත්, කෝමාරිකා වගාව අවම වශයෙන් තවත් වසර 2 ක් වත් හොඳ
ලාභ ලබන ව්‍යාපාරයක් වනු ඇති බව වටහා ගැනීම වැදගත්ය.
වර්තමාන මිල
ගණන් වලට අනුව, පැලයක පිරිවැය
ඇමරිකානු ඩොලර් 0.25 හෙවත් රුපියල් 45කට වඩා අඩුය.
අක්කරයකට පැල 6,000 ත් 7,000 ත් අතර ප්‍රමාණයක්
අවශ්‍ය වේ. ශ්‍රම ගාස්තු ඇතුළුව අක්කරයක් සඳහා මුළු වියදම ඇමරිකානු ඩොලර් 1800 ත් 2000 ත් අතර
නොහොත් රුපියල් 300,000 – 375,000 අතර වේ.
කෝමාරිකා මිල
කාලය අනුව වෙනස් වන අතර සාමාන්‍යයෙන් මිල කිලෝග්රෑමයකට ඇමරිකානු ඩොලර් 0.5 - 2 හෙවත්
රුපියල් 90 – 350ක් අතර පමණ වේ. එක් අක්කරයකට වසරකට කෝමාරිකා පිති ටොන් 10-15 ක් පමණ ලබා
දෙනු ඇති අතර එය ඇමරිකානු ඩොලර් 7500 (රුපියල් ලක්ෂ 13ක්) දක්වා
විකිණිය හැකිය. ඒ අනුව බලන කල කෝමාරිකා යනු වර්තමානයේ ඉතා හොද ව්‍යාපාරික භෝගයක්
ලෙස හදුන්වා දිය හැකිය.
කෝමාරිකා වගාව - 1
කෝමාරිකා වගාව - 1
No comments:
Post a Comment