ඉඟුරු, විද්‍යාත්මක නාමය " Zingiber officinale" ය. මෙම භෝග අප්‍රිකානු, ආසියානු සහ දකුණු ඇමරිකානු කලාපවල
බහුලව වගා කෙරේ. ඉඟුරු සාපේක්ෂව පහසු වැවිලි ක්‍රියාවලියක් ඇති අතර රෝග හා
සතුන්ගෙන් අවම තර්ජන වලට ලක්වන භෝගයකි.
එසේ උවත්, ඉඟුරු මිනිසුන්ට අවශ්‍ය පෝෂණ හා
අසාමාන්‍ය සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දෙන භෝගයකි. පහත දැක්වෙන්නේ ඉඟුරු ග්‍රෑම්
100 ක අඩංගු පෝෂණ සංඝටක ප්‍රමානයන්ය.
මාස 6ක් පමණ වැඩුණු ඉගුරු පැළෑටි. |
පෝෂක
|
ඉගුරු ග්‍රෑම් 100ක සංයුතිය
|
සීනි
|
0
g
|
ශක්තිය
|
79
cal
|
ප්‍රෝටීන
|
3.57
g
|
තන්තු
|
3.6
g
|
කාබෝහයිඩ්රේට්
|
17.8
g
|
සෝඩියම්
|
14.0
mg
|
පොටෑසියම්
|
33.0
mg
|
යකඩ
|
1.15
g
|
විටමින් C
|
7.7
g
|
විටමින් B6 , මැග්නීසියම් ,
සින්ක් , පොස්පොරස්, |
නැගෙනහිර ආයුර්වේද
වෛද්‍ය විද්‍යාව සහ බටහිර වෛද්‍ය සංකල්පය යන දෙකෙහිම ඉඟුරු ස්වභාවික ඖෂධයක් ලෙස බොහෝ
සෞඛ්‍ය ගැටලු සඳහා යොදා ගනී. ඉඟුරු ඖෂධයක් ලෙස කෙලින්ම භාවිතා කළ හැකි පොදු සෞඛ්‍ය
ගැටළු කිහිපයක් නම්;
- ආහාර දිරවීමේ ගැටළු
- ඔක්කාරය, වමනය
- වේදනාව අඩු කිරීම
- දැවිල්ල, ඉදිමුම
- බර අඩු කර ගැනීම
- ශ්ලේෂ්මල හෝ සෙම් රෝග
ඉඟුරු ඖෂධීය අමුද්‍රව්‍යයක්
ලෙස තවත් බොහෝ නිෂ්පාදන සෑදීමට භාවිතා කළ හැකිය. ජින්ජර් බියර්, ඉඟුරු බිස්කට්, ඉඟුරු පවුඩර්, ඉඟුරු කුළුබඩු වර්ගයක්, ඉඟුරු තේ, ප්‍රධාන වශයෙන් ඉගුරු
භාවිතා කරමින් නිෂ්පාධනය කරනු ලබන නිෂ්පධන වේ. මේ සියලු හේතු නිසා ඉඟුරු වල
වටිනාකම ද මඳක් ඉහළ බැවින් ඉඟුරු වගාව හොඳ ලාභ ලබන වගාවක් ලෙස පවත්වාගෙන යාමේ හැකියාව
ඇත.
ඉඟුරු වගාව සඳහා සුදුසු පාරිසරික
කොන්දේසි
සොබාදහමේ විවිධත්වය හා
සාමාන්‍ය සංයුතිය තිබියදීත්, සියලු ඉඟුරු වර්ග එකම පස හා
වායුගෝලීය තත්වයන් තුළ වර්ධනය වන බව සහතික ය. සුළු උණුසුම් කාලගුණයක් හා තරමක තෙතමනය
සහිත දේශගුණයක් භෝග පෝෂ්‍යදායී ලෙස හා සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට හේතු වේ.
වැලි සහ මැටි ලෝම පස
හෝ බොහෝ දුරට රතු ලෝම පස ඉඟුරු වගාව සදහා නිර්දේශ කරනු ලැබේ, මෙයට හේතුව හියුමස්
වලින් පොහොසත් වීමයි. වසරක් පාසා එකම කෙතේ ඉඟුරු වගා කිරීමට ගොවියෙකුට උපදෙස්
දෙන්නේ නැත .මෙයින් අලුතින් ප්‍රරෝහණය වූ පැළෑටිවල වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකිය.
ඉඩම සකස් කරන විට, අනවශ්‍ය කුණු, හා වල් පැලෑටි ඉවත්
කිරීම සඳහා ක්ෂේත්‍රය 2 - 3 වතාවක් සීසෑම කළ
යුතුය.
ඉඟුරු පැළෑටිවලට හොඳ
ජල සැපයුමක් අවශ්‍ය වේ. එබැවින් වර්ෂාව හිඟ වන ප්‍රදේශවල ගොවීන් ප්‍රමාණවත් තරම්
ජලය සැපයීම සඳහා වාරිමාර්ග ක්‍රම භාවිතා කළ යුතුය. ගොවියාට වැසි ජලය භාවිතයෙන් වගාව
කිරීමට අවශ්‍ය නම් හැකි හොඳම කාලය වැසි සමය ආරම්භ වීමට පෙරය. ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී
ලංකාව වැනි ආසියානු රටවල් සඳහා මෙම කාල සීමාව සෑම වසරකම මැයි සිට ජුනි දක්වා වේ.
රයිසෝම රෝපණය කිරීම ප්‍රමාද වීමෙන් අස්වැන්න දුර්වල වනු ඇත. තරමක් විශාල රයිසෝම
භාවිතයෙන් තරමක් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවනු ඇත.
ශාක අතර සාමාන්‍ය
පරතරය සෙ.මී. 25-30 පමණ තබා ගැනීම සුදුසු වන අතර මෙම
පරතරය තනිකරම පාංශු තත්ත්වය මත රඳා පවතී. රයිසෝම මතුපිට මට්ටමට ආසන්නව වැඩෙන අතර
රෝපණය කරන විට රයිසෝම සෙන්ටිමීටර 4-10 ක් ගැඹුරට තැබීම ප්‍රමාණවත්
වේ.
No comments:
Post a Comment