වර්තමානයේ කාබනික ගොවිතැන් ක්‍රම වසංගතයක් ලෙස ලොව පුරා
වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. කාබනික ගොවිතැන දෙසට ගමන් කිරීමට ප්‍රධාන හේතුව
දියවැඩියාව, විවිධ වර්ගයේ පිළිකා, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග වල වැඩි
වීමයි. කාබනික ගොවිතැනේ යෙදෙන විට එහි සැබෑ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා
රසායනික / කෘතිම පළිබෝධනාශක වෙනුවට කාබනික පළිබෝධනාශක භාවිතා කිරීමද වැදගත් ය. මෙම
ලිපියෙන් පැහැදිලි කරන්නේ කාබනික කෘමිනාශක / කෘමි විකර්ෂක සරල ලෙස නිවසේදීම සාදා
ගන්නේ කෙසේද සහ භාවිතා කරන්නේ කෙසේද යන්නයි. එම පිටිමකුණා, කඳේ සිදුරු කරන්නන්, කුඩිත්තන් සහ තවත් බොහෝ කෘමීන් පලවා හැරීමට උපකාරී
වේ. මිරිස් වගාව, පැපොල් වගාව, එළවලු වගාව, ඉගුරු වගාව සහ අනෙකුත් බොහෝ වගාවන් සදහා මෙම කාබනික කෘමිනාශක භාවිතා කල හැකිය.
අවශ්‍ය අමුද්‍රව්‍ය
කොහොඹ කොළ |
- වියළි දුම්කොළ කැබැල්ලක්
- අමු කොහොඹ කොළ
- සබන්
- ජලය
දුම්කොළ |
සාදා ගන්නා ආකාරය
- දුම්කොළ හා කොහොඹ කොළ සමාන ප්‍රමාණයක් ගන්න.
- ඒවා බ්ලෙන්ඩරයකට දමා උණු වතුර ස්වල්පයක් මිශ්‍ර කර නිසි ලෙස පොඩි කරන්න
- මිනිත්තු කිහිපයක් ලිපක් මත තබා හොදින් තම්බා ගන්න.
- සබන් ස්වල්පයක් එකතු කර සිසිල් වීමට පෙර මිශ්‍ර කරන්න
- යුෂ ටික පෙරා වෙන් කරගන්න
- පෙරා ගත් යුෂ වලට සමාන ජල ප්‍රමාණයක් එකතු කරන්න (1: 1 අනුපාතයට)
- එය ඉසින බෝතලයකට පුරවා පැල මත හොදින් ඉසින්න
සදා ගන්නා අකාරය පිළිබදව පහත වීඩියෝව මගින් වඩාත් හොදින් අවබෝධයක් ලබා ගත
හැකිය.
මෙම කෘමිනාශක නිවසේදීම සාදා ගැනීම අපහසු නොවන අතර ශාක
පත්‍ර දෙපසම නිසි ලෙස ඉසීමට වග බලා ගන්න. මෙම කාබනික කෘමීන් පලවා හැරීමෙ කාබනික
කෘමිනාශක ඔබේ ගොවිපලෙහි කෘමීන් පාලනය කිරීමට උපකාරී වන අතරම රසායනික ද්‍රව්‍ය වලින්
තොර වගාවකට අවස්ථාව උදා කරයි.
No comments:
Post a Comment