Rice Production |
පසුගිය දශකයේ සිට ලෝක සහල් පරිභෝජනය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10 බැගින් වැඩිවෙමින් පවතී. එම නිසා සහල් නිෂ්පාධනය කිසි විටකත් පාඩු වන ව්‍යාපාරයක් නොවන බව සිහිකල යුතුය.ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන රටවල් අතර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, බOගලාදේශය සහ වියට්නාමය මුල්තැන ගනී.
සහල් නිෂ්පාධනය අනෙකුත් වගාවන්ට වඩා තරමක් සOකීර්ණ ක්‍රියාවලියක් වන අතර, මනා අවබෝධයකින් සිදු කිරීමෙන් ඉතා හොද අස්වැන්නක් සහ අදායමක් ලබාගත හැකි ව්‍යාපාරයකි.
අස්වනු පිළිබද පසුගිය සාමාන්‍ය දත්ත වලට අනුව හොදින් වගා කරන ලද කුඹුරු හෙක්ටයාර එකකින් කන්නයකට වි කිලෝ 4300 - 6000 අස්වැන්නක් ලබාගත හැක.
වී කිලෝ එකක සාමාන්‍ය මිල රැ.40ක් නම්, කන්නයක හෙක්ටයාර එකක ආදායම රැ. 172,000 - 240,000 අතර වේ.
වී/සහල් නිෂ්පාධනය කිරීමේදී ප්‍රදාන අදියර කිපයක් යටතේ සිදු කරන අතර එම අදියරයන් පහත පරිදි වේ.
- බීජ තෝරාගැනීම
- බිම සකස් කිරිම
- පැල/වී සිටවීම
- වතුර බැදීම
- වගාවට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව ලබාදීම
- අස්වනු නෙලීම
- අස්වනු සOරක්ෂණය.
මෙම එක් එක් අදියරයන් වෙන වෙනම ඉදිරියේදී සකච්ඡා කරනු ඇත.
No comments:
Post a Comment